Attention Deficit Hyperactivity Disorder (ADHD)
ඔක්තෝම්බර් මාසය ADHD Awareness Month ලෙස නම් කර ඇති නිසා මේ ඒ පිලිබඳ ලිපියකි. මානසික රෝග වැලදීමට ලොකු කුඩා බේදයක් නැති බව මෙම ලිපිය අවසානයේ ඔබට වැටහෙනු ඇත.
මොකක්ද මේ ADHD කියන්නේ?
ADHD යනු Attention Deficit Hyperactive Disorder හෙවත් ඌන අවධානය සහ අධි ක්රියාකාරී දරුවන් ය. නවතම පරීක්ෂණ වාර්තා අනුව මෙම රෝගය සහිත දරුවන් 5% - 7% අතර ප්රමාණයක් අප අතරම මේ සමාජයේම අප්රමාණ අවලාද බැනුම් අසමින් ජීවත් වේ. මෙම තත්ත්වයට හේතු වී තිබෙන්නේ සමාජයේ නොදැනුවත් භාවය.
අධි ක්රියාකාරිත්වය ඉතා පරිස්සමින් තෝරා බේරා ගත යුතුවන්නේ , මෙම රෝගය පිළිබඳ කනින් කොනින් අසා ඇති ඇතමුන් ඉතාම සාමාන්ය සුරතල් ළමුන්ට පවා අධි ක්රියාකාරී ලේබලය ගැසීමට පසුබට නොවන බැවිනි. නමුත් මෙය සාමාන්ය දගකාරකම නොවේ. මුලින්ම දැඩිව මතක තබාගතයුතු වන්නේ මෙය දරුවාගේ වරදක් හෝ දෙමාපියන් ගේ වරදක් නොවන බවයි.
අධි ක්රියාකාරී රෝග ලක්ෂණ
* එක තැන විනාඩි 5ක් වත් රැදී සිටිය නොහැක.
* කකුල් වේගයෙන් සොලවයි.
* නිතර උඩවල් වල නැගීම.
* පන්තියේ අනිත් ළමයින්ට බාධා කිරීම.
* තමන්ගේ අවස්තාව එනතුරු සිටීමට නොහැකි වීම. ( turn taking ) .
මෙහි සදහන්ව ඇත්තේ ADHD ඇති දරුවෙක්ගේ නිතරම දකින්නට ඇති ක්රියා කිහිපයක් පමනයි. විශේෂය වන්නේ මොවුන් නිතරම , සෑම විටම මේ ආකාරයෙන් හැසිරීමයි.
පාසලේදී මෙවැනි ළමුන් නිතරම දඩුවමට අවලාදයට යටත් වේ. මොවුන්ගේ දෙමාපියන්ට නිතරම පැමිණිලි ලැබෙන අතර ගුරුවරුන් පවා මෙය දෙමාපියන්ගේ වරදක් ලෙස හුවා දක්වන අවස්තා දැකගත හැක.
ADHD ඇතිවන්නේ මොළයේ රසායනික සංයුතියේ ඇතිවන වෙනස්වීම නිසාය. මෙම රසායනික වෙනස්වීම නිසා මොළයේ සිතුවිලි පාලනය කරන මධ්යස්ථානය නිසියාකාරව ක්රියාත්මක නොවීම සිදුවේ. මේ සදහා මනෝ වෛද්යවරයකු යටතේ ප්රතිකාර ගැනීම අත්යාවශ්ය වන අතර දරුවාගේ මෙම තත්ත්වය පිලිගැනීමටද බොහෝ දෙමාපියන් මැලිකමක් දක්වයි.
ඖෂධ ලබාදීම මගින් දරුවාගේ අධි ක්රියාකාරී තත්ත්වය පාලනය කල හැක. දරුවාගේ අධික ඝෝෂාකාරී හැසිරීම පාලනයටද ඖෂධ උපකාරී වේ. ආරම්භ කල වැඩක් අවසන් කර ගැනීමට අවශ්ය විනය දරුවාතුල වර්ධනය වීමට ද මෙම ප්රතිකාර ඉවහල් වේ. ආවේගශීලියි අඩුවේ.
ADHD යනු ලොව ජය ගැනීමට බාධාවක් නොවේ.. මෙවැනි තත්ත්ව යටතේ ඉහලට ගිය පිරිස ඉතා ඉහලයි. අවශ්ය වන්නේ නිසි අවධානයත් ,ආදරයත් ,මනා රැකවරණයත් සමග මෙම තත්ත්වය පිලිගැනීමට දෙමාපියන්ගේ ඇති සූදානමත් පමණි.
Comments
Post a Comment