Posts

Showing posts from January, 2022

Attention Deficit Hyperactivity Disorder (ADHD)

Image
ඔක්තෝම්බර් මාසය ADHD Awareness Month ලෙස නම් කර ඇති නිසා මේ ඒ පිලිබඳ ලිපියකි. මානසික රෝග වැලදීමට ලොකු කුඩා බේදයක් නැති බව මෙම ලිපිය අවසානයේ ඔබට වැටහෙනු ඇත. මොකක්ද මේ ADHD කියන්නේ? ADHD යනු Attention Deficit Hyperactive Disorder හෙවත් ඌන අවධානය සහ අධි ක් ‍ රියාකාරී දරුවන් ය. නවතම පරීක්ෂණ වාර්තා අනුව මෙම රෝගය සහිත දරුවන් 5% - 7% අතර ප් ‍ රමාණයක් අප අතරම මේ සමාජයේම අප් ‍ රමාණ අවලාද බැනුම් අසමින් ජීවත් වේ. මෙම තත්ත්වයට හේතු වී තිබෙන්නේ සමාජයේ නොදැනුවත් භාවය. අධි ක් ‍ රියාකාරිත්වය ඉතා පරිස්සමින් තෝරා බේරා ගත යුතුවන්නේ , මෙම රෝගය පිළිබඳ කනින් කොනින් අසා ඇති ඇතමුන් ඉතාම සාමාන් ‍ ය සුරතල් ළමුන්ට පවා අධි ක් ‍ රියාකාරී ලේබලය ගැසීමට පසුබට නොවන බැවිනි. නමුත් මෙය සාමාන් ‍ ය දගකාරකම නොවේ. මුලින්ම දැඩිව මතක තබාගතයුතු වන්නේ මෙය දරුවාගේ වරදක් හෝ දෙමාපියන් ගේ වරදක් නොවන බවයි. අධි ක් ‍ රියාකාරී රෝග ලක්ෂණ * එක තැන විනාඩි 5ක් වත් රැදී සිටිය නොහැක. * කකුල් වේගයෙන් සොලවයි. * නිතර උඩවල් වල නැගීම. * පන්තියේ අනිත් ළමයින්ට බාධා කිරීම. * තමන්ගේ අවස්තාව එනතුරු සිටීමට නොහැකි වීම. ( turn taking ) . මෙහි සදහන්ව ඇත්තේ...

ONLINE අධ්‍යාපනය සහ ප්‍රාථමික දරුවා

Image
  ONLINE අධ්යාපනය සමග වැඩිපුරම මානසික පීඩනයකට යටත් වූ කාණ්ඩය ප්රාථමික අවධියේ පසුවන දරුවන්වේ. ලංකාවේ ප්රාථමික අධ් ‍ යාපනය ගත් කළ එය 1 සිට 5 වසර දක්වා කාණ්ඩගත කළ හැක. මේ අතරිනුත් 1 -3 පමණ වන ළමුන් මෙයින් දැඩි මානසික පසුබෑමකට ලක්ව සිටී. මෙය ඔවුන්ගේ මනෝ සමාජීය සංවර්ධනයට මෙන්ම අනාගත පෞරුෂ වර්ධනට ද එක ලෙස බලපායි. ලාංකීය අධ් ‍ යාපන ක් ‍ රමයේ විධිමත් අධ් ‍ යාපනය ඇරඹෙන්නේ 1 ශ්රේණිය පදනම් කරගෙන ය. එයට ඇතුලත් වන්නේ වයස අවුරුදු 5-6 වයස් වල පසුවන දරුවන් වේ. ඔවුන් තම අවිධිමත් පෙර පාසල් අධ් ‍ යාපනය අවසන් කර, කාල සටහනකට හුරු වෙමින්, වඩා වැඩි සමාජ ආශ් ‍ රයක් ලබමින් ,ඔවුන්ගේ මූලික මනෝ සමාජීය සංවර්ධන ඉලක්ක පසු කරයාම ආරම්භ කරයි. මේ සඳහා සම වයස් කණ්ඩායම්, විනය නීතී රීති හා බැඳුන පාසල් පද්ධතිය , ක් ‍ රමවත් අධ් ‍ යාපන රටාව වගේම අන්තර් පුද්ගල සබඳතා ඉතාමත් වැදගත් කාර් ‍ යක් ඉටු කරයි. ONLINE අධ් ‍ යාපන රටාව සමග ප් ‍ රාථමික දරුවාගෙන් මේ කරුණු කාරනා සියල්ල එකවර ගිලිහීම සිදුවේ. ගුරුවරයා සමග ඇති බැඳීම, කාල සටහනකට අනුව ගතවුන දින චර් ‍ යාව, සම වයස් කණ්ඩායම් සමග ගනුදෙනු කිරීමට සන්නිවේදනය කිරීමට තිබූ හැකියාව මෙන්ම...